දිනසේන රතුගමගේ –
ගෙළ වැළලාගෙන මියගිය බව කී යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හමු වී ඇති බව කෝපායී පොලීසිය විසින් යාපනය අධිකරණය වෙත දැණුම් දී තිබේ.
සිදම්බරනාදන් ඉලන්කුමරන් නැමති 23 හැවිරිදි මෙම වෛද්‍ය ශිෂ්‍යා යාපනයේ වඩමරච්චි නාගර්කෝවිල් ප්‍රදේශයේ නිවසක් තුළ පසුගිය නොවැම්බර් 17 දා ගෙළ වැලලාගෙන මියගිය බවට තොරතුරු හමු වී තිබුණි.
ඔහු යාපනයේ කොණ්ඩාවිල් වන්නියාර්සිංගම් මාවතේ නිවසක කුළී පදනම මත ජීවත් වී ඇති අතර ඔහු සියදිවි හානි කරගෙන ඇත්තේ එම නිවසේ ඔහු සිටි කාමරයේදීය
නමුත් මේ මරණය සැකසහිත බව මියගිය අයගේ සහෝදරයෙකු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට දැණුම් දීමෙන් පසුව කෝපායී පොලීසිය හා පොලිස් අපරාධ කොට්ඨාසය විසින් යළි පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.
පරීක්ෂණ වලදී හෙළි කරගත් තොරතුරු කෝපායී පොලිසිය විසින් යාපනය මහේස්ත්‍රාත් පීටර් එම් පෝල් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ මියගිය ශිෂ්‍යයා ගෙළවැළලාගෙන මියගොස් බව ප්‍රකාශ වූවත් ඔහුගේ දණහිස් බිම වැදී තිබුණු බවයි.
ප්‍රදේශයේ සීසීටීවී කැමරා කීපයක දර්ශන පරීක්ෂා කළ අවස්ථාවේදි තවත් තොරතුරු හමු වූ බවද පොලීසිය සදහන් කළේය.
මේ අනුව තව දුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද එසේත් නොමැතිනම් මිනී මැරුමක්ද යන්න තහවුරු කර ගැනීමට අදාල අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.