කීර්ති ප්‍රනාන්දු –
ආනයනික පොල් තෙල් ලීටර 21800ක් අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට ලද තොරතුරක් මත ඔහු දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පජී. එදිරිසිංහට දැනුම් දීමෙන් පසුව පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිසිය බවුසරය සොයාගෙන යන විට එය සම්පූර්ණයෙන්ම ගබඩාව තුළට ඇතුළු කර බට දමා එම පොල්තෙල් ගබඩාවේ වහළය මත පිහිටි ටැංකියකට බාමින් සිට ඇත.
මෙම පොල්තෙල් විදේශරටවලින් ගෙන්වන ලද පොල් තෙල් බවත් ඒවා පරිභෝජනයට සුදුසු ද යන්න කිසිදු වර්තාවක් එම තෙල් බවුසරය හා ගබඩාව හිමිකරුවන් අත නොතිබුණු බවත් පොලිසිය පවසයි.
පසගිය දා පාරිභෝගික අදිකාරිය මගින් දඹුල්ල නගරයේ පිහිටි පොල් තෙල් අලෙවිකරන ස්ථානයක් මුද්‍රා තැබූ බවත්, එම පොල්තෙල් ගබඩාව හිමිකරුම මෙම තෙල් බවුසරය ද ගෙන්වා ඇති බවත් පොලිසිය කියයි.