fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 17, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

    ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

    අද හමුවුණු මුළු කොවිඩ්  ආසාදියන් ගණන 445යි…

    මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

    යාපනය සරසවි සිසුවෝ 20වැනි පොංගුතමිල් උළෙල පවත්වති…

    පුද්ගලික රෝහල් දෙකක් හෝටල් දෙකක කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

සාන්ත අර්නස්ටෝ මුනිවරයා වී මිනිසුන්ගේ හදවතේ ජීවත්වන විප්ලව වාදියා…

කොවිඩ් නිසා මගහැරුණු ආදරණීයම මිනිසාගේ 92 සැමරුමේ පමා වූ සටහන

editor by editor
ජූනි 19, 2020
in පුවත්
432 4
සාන්ත අර්නස්ටෝ මුනිවරයා වී මිනිසුන්ගේ හදවතේ ජීවත්වන විප්ලව වාදියා…
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

‘ආදරය නැති තැන විප්ලවයක් නෑ. සැබෑ විප්ලවයකට පාර පෙන්වන්නේ ආදරයයි.‘ලෝක දේශපාලන ඉතිහාසයට එකතු වුණු විප්ලවාදීන් අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ලෙස සැලකෙන චේ ගුවේරාගේ 92 වැනි ජන්ම දින සංවත්සරය යෙදී තිබුණේ පසුගිය 14වැනිදාටයි. කොවිඩ වසංගතය නිසා ජනතාවට ඒකරාශී වීමට අවස්ථාවක් නොලැබුණත් ලොව බොහෝ රටවල කුඩා පිරිස් එකතුවී මේ ආදරණිය මිනිසා සිහිපත් කරන්නට අමතක කළේ නෑ. තවත් සමහරු නිහඬව ඒ සැමරුම සිදුකළා.

තියුණු ඇස් දෙකින් ලෝකය දිහා බලා සිටින අපූරු මිනිසාගේ ඡායාරූප නැති තැනක් කොතැනද..? විප්ලවයක් ගැන කතා කරද්දී චේ ගැන සිහිපත් නොකරන්නේ කවුරුන්ද..? ජන්ම දිනය හා ඝාතනයට ලක්වූ දිනය හැරුණු විට සෙසු සෑම දිනකම මේ උදාර මානවහිතවාදියා ගැන ලොව කොතැනක හෝ කවුරුන් හෝ සිහිපත් කරන බව සහතිකයි.

RelatedPosts

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

ලතින් අමෙරිකාව..ඔව්…එතැන තමා චේ ගේ නිජබිම පිහිටා තිබුණේ. එතැන තමයි චේගේ සුසුම්පොද, ජීවන සුවඳ නිරන්තරයෙන්ම හමා ගියේ.චේ ගැන කතා කරද්දී කියුබානු  විප්ලවය සිහිපත් වන්නේ නිතැතින්මයි. ධනේෂ්වර ක්‍රමයටත්, යටත් විජිතවාදයටත් එරෙහිව සටන් වැදුණු මේ විප්ලවවාදියා 50 දශකයේ අගභාගයේදී ෆිදෙල් කස්ත්‍රෝ සමග එක්ව අමෙරිකානු හිතවාදී බැටිස්ටාගේ පාලනය බිඳ දැමීමට සිදුකළ සටන අදත් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක විප්ලවය ලෙසයි හඳුන්වන්නේ. 

නමුත් සැබැවින්ම 1928 ජූනි මාසයේ 14 වැනිදා චේ මෙලොවට බිහිවූයේ විප්ලව කරන්නට නෙවෙයි. ඔහු කියුබානු ජාතිකයෙකුත් නෙවෙයි. ආජන්ටිනාවේ උපන් මේ තරුණයා උසස් අධ්‍යාපනයෙන් පසුව වෛද්‍යවරයකු ලෙස ජීවිතය ගෙවා දමමිනුයි සිටියේ. ඔහුට ඉතා සුඛෝපභෝගී ජීවිතයක් හිමිව තිබුණා. ඒ සියල්ල පසෙක ලා ඔහු විප්ලවකාරී මාවතට පිවිසියේ මෙලොව දරිද්‍රතාවයෙන් පෙළෙන අසරණ ජනතාව වෙනුවෙනුයි. අන්තිමට සිද්ධවුණේ අවුරුදු 39 වැනි අඩු වයසකින් ඔහුට ජීවිතය අතහැර යන්නටයි.

නළුවකු මෙන් ආකර්ශනීය පෙනුමැති චේ කියුබානු විප්ලවයෙන් පසුව විවේකයක් නොගෙනම පොදු ජනතාව වෙනුවෙන් අරගලය දිගටම ගෙන ගියා. කියුබාවට නිදහස ගෙන දීමට දුන් දායකත්වය ඔහුගේ විප්ලවයේ නිමාව නොවේ. එතැනින් එහාට ලතින් අමෙරිකාවේ තවත් රටවල් ගණනාවක පීඩිත ජනතාව ඔහු එනතුරු බලා සිටියා. චේ සිය ඉරණම තීන්දු කළ බොලීවියනු අරගලයට පිවිසියේ ඒ අනුවයි.

ඒත් ඊට මාස 11කට පසුව චේ ගැන ලෝකයාට අසන්නට ලැබුණේ කිසිවකු අපේක්ෂා නොකළ දුක්මුසු පුවතයි. විප්ලවයේ පරමාදර්ශී චරිතය බවට පත්ව සිටි මේ ගරිල්ලා නායකයා නිහඬව තමා පසුපසින් හඹා එමින් සිටි සී.අයි.ඒ. සහ බොලිවියානු රජයේ හමුදාව ගැන හොඳින්ම දැන සිටියත් අවසානයේදී අත්අඩංගුවට පත්වුයේ අනපේක්ෂිත මොහොතකදියි.

විප්ලවයක් යනු ඉදී බිමට වැටෙන ඇපල් ගෙඩියක් නොවන බවත්, එය බිමට වට්ටවාගැනීමට ඔබ දැනගත යුතු බවත් වරින් වර සිය අනුගාමිකයන්ට කී චේ අවසානයේ දී සී.අයි.ඒ. ප්‍රමුඛ බොලීවියානු හමුදාවට කොටුවූයේ ඉතා අවාසනාවන්ත ලෙසිනුයි.

පිරිපුන් සිරුරකට හිමිකම් කී මේ අපුරු මිනිසා බොලීවියාවේ එක්තරා වනාන්තරයකදී හමුදාවට කොටුවෙද්දී වැහැරුණු කෙසඟ සිරුරකින් යුතු ඉතා වයවෘද්ධ පෙනුමක් සහිත මිනිසකු බවට පත්වී සිටියා. ගෙල තෙක්ම වැවී තිබූ දිගු හිසකෙස්, කිලිටි දිගු රැවුල, ජීවිතයේ අවසාන් හෝරාව එළැඹී ඇති බව කියාපාන බලාපොරොත්තු සුන්වූ බැල්ම මේ මිනිසා සැබැවින්ම චේ දැයි කිසිවකුට හඳුනාගැනීම පවා අසීරු කර තිබුණා. 

‘ඔවුන් කීවේ ඔහු හරියට ජේසුතුමා වගේ පෙනුමක් ඇති කෙනෙක් කියලයි.‘

පසුකාලෙක සුසානා ඔසිනාගා එසේ කීවා. තුවාල ලබා සිටි චේ හමුදාව විසින් ගිලන් මැස්සක ආධාරයෙන් වනාන්තරයෙන් පිටතට රැගෙන එනු ලැබීමෙන් පසුව ඔහුගේ කිලිටි සිරුර නහවා පිරිසුදු කළේ ඇයයි.

‘මිනිස්සු අදත් සාන්ත අර්නස්ටෝ නමින් ඔහුට වන්දනාමාන කරනවා. ඔවුන් කියන්නේ ඔහු හාස්කම් ඇති කෙනෙක් කියලයි.‘

සන්නිවේදන ජාලය එතරම් ව්‍යාප්තවෙලා නොතිබුණු නිසා චේ ගේ මරණය ලෝකය පුරා පැතිර ගියේ ඉතා මන්දගාමීවයි. ඇතැමුන්ට එය ආරංචි වුණේ සෑහෙන කාලයකට පසුවයි. කොටින්ම 1997 දී චේ ගේ මළ සිරුරේ කොටස් හමුවනතුරු ඔහු වල දැම්මේ කොතැනද කියා කවුරුවත් දැන සිටියේ නෑ. 

සැබෑ චේ උපන්නේ මරණයෙන් පසුවයි. චේ ජීවමාන චරිතයක් බවට පත්වුණා. ජීවත්ව සිටියදී ඔහු ගැන නොදැන සිටි අය පවා මරණයෙන් පසුව චේ ගැන කතා කරන්න පටන් ගත්තා. 

චේට හැම ක්ෂේත්‍රයක් ගැනම පුළුල් අවබෝධයක් තිබුණා. එයා රටේ ලෝකේ වෙන දේවල් ගැන නිතරම අවදියෙනුයි හිටියේ. මිනිස්සුන්ට ආදරය කළේත් මහ පුදුමාකාර විදිහටයි. එයාලගේ දරිද්‍රතාව, පීඩනය, එයාලට සිද්ධවෙන අසාධාරණ ගැන නිතරම දුක් වුණා. ඒ වගේ වෙලාවට චේ ගේ හඬ හැමදේටම ඉහළින් කැපී පෙනුණා. එයා හැමතැනකදීම කැපී පෙනුණා. ඉහළින්ම පේන්න හිටියා. ඒත් ඇත්තටම චේ කියන්නෙ එච්චර උස මිනිහෙක් නෙවෙයි. එයාගේ උස අඩි පහකුත්, අඟල් 7ක් විතරයි. ඒ වුණාට මනුස්සකම අතින් නම් චේ හුඟාක් උසට හිටියා.

චේ ඝාතනයට දැන් අවුරුදු 50කටත් වැඩියි. ඒත් අදටත් චේ ගේ මතකය විඳින චරිතයක් කියුබාවේ හවානා නුවර ජීවත්වෙනවා. ඇය ඇලීඩා ගුවේරා. විප්ලවාදියාගේ දියණිය ඇයයි. සැබෑ විප්ලවවාදියා ලෙස කවුරුත් චේ ආමන්ත්‍රණය කළත්, ඇයට නම් තවමත් චේ කියන්නේ ආදරණීය තාත්තා කෙනෙක්.  චේ ගේ දෙවැනි බිරිය කියුබානු ජාතික ඇලිඩාගේ දරුවන් සිවුදෙනාගෙන් වැඩිමලා ඇයයි. මේ දියණිය උපන්නේ කියුබානු විප්ලයෙන් මාස කිහිපයකට පසුවයි. චේ ඝාතනයට ලක්වෙද්දි ඇයට අවුරුදු 7යි.

‘මට අවුරුදු 16ක් වෙද්දිත් මගේ හිතේ තිබුණු ප්‍රශ්නයක් තමයි ඇයි මම තාත්තාට ආදරය කළ යුත්තේ කියලා. මොකද එයා කවදාවත් මගේ ළඟ හිටියේ නෑ. ඒත් මගේ මතකයේ ඉතිරිවෙලා තිබුණු සමහර මතක සටහන් එක්ක, ලෝකය පුරා මිනිස්සු තාත්තා ගැන කියන දේවල් එක්ක සංසන්දනය කරලා බැලුවම මට හිතුණේ ඔහු  විප්ලව කරන්න විතරක් නෙවෙයි හොඳට ආදරය කරන්නත් දන්න මිනිහෙක් කියලයි.‘ ඇලීඩා අදටත් ජීවත් වෙන්නේ ආදරණීය පියාගේ මතකය එක්කයි.

‘කෙනෙකුගේ දෙපා මුල වැටිලා ජීවත්වෙනවාට වඩා තමන්ගේ දෙපයින් සිටගෙන මිය යාම ශ්‍රේෂ්ඨයි.‘

‘මම හැමදාම හීන මවනවා. අවසන් හුස්ම හෙළන තුරු ඒක නවත්තන්නේ නෑ‘ 

හවානා සුරුට්ටුවක් උරමින් එදා චේ කී බොහෝ ප්‍රකාශ අදටත් ජීවමානයි. 

Tags: නවතම
Previous Post

2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව දුරදිග යයි

Next Post

කොටස් වෙළෙඳපොළේ S&P දර්ශක ලයිස්තුවෙන් යන සහ එන සමාගම් මෙන්න

Related Posts

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…
පුවත්

ජනවාරි 17, 2021
ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…
පුවත්

ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

ජනවාරි 17, 2021
අද හමුවුණු මුළු කොවිඩ්  ආසාදියන් ගණන 445යි…
පුවත්

මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

ජනවාරි 17, 2021
යාපනය සරසවි සිසුවෝ 20වැනි පොංගුතමිල් උළෙල පවත්වති…
පුවත්

යාපනය සරසවි සිසුවෝ 20වැනි පොංගුතමිල් උළෙල පවත්වති…

ජනවාරි 17, 2021
Next Post
කොටස් වෙළෙඳපොළේ S&P දර්ශක ලයිස්තුවෙන් යන සහ එන සමාගම් මෙන්න

කොටස් වෙළෙඳපොළේ S&P දර්ශක ලයිස්තුවෙන් යන සහ එන සමාගම් මෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…
  • ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…
  • මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist