ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය මාර්තු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් කළ නියෝගයකට අනුවයි.
මෙම පිරිස ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය.