දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් ආරම්භ කොට තිබූ පොදු විරෝධතාවය කොරෝනා රෝග ව්‍යාප්තිය ගැන සලකා නතර කොට ඇතත් සිසුන් පස් දෙනෙකු විසින් ආරම්භ කොට ඇති මාරාන්තික උපවාසය ඒ අන්දමින්ම පවත්වා ගෙන යයි.
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදි කොට තිබූ යුද ස්මාරකයක් විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය විසින් කඩා ඉවත් කිරීමට එරෙහිව මෙම විරෝධතා රැල්ල නිර්මාණය වී තිබුණි.
විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් ආරම්භ කරණ ලද විරෝධතාවයට දේශපාලනඥයින් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා මහජනතාව එක්වීම නිසා එය විශාල විරෝධතාවක් වූ අතර දැනට පවතින කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය නිලධාරීන්ගේ කරුණු පැහැදිලි කිරීම මත එම විරෝධතාවය නවතා දමා ඇත.
මුලින්ම ස්මාරකය කඩා දමන ලද්දේ යුද හමුදාව බව කියමින් විරෝධතාවය ඉතා දැඩි ලෙස ආරම්භ වූවත් එම ස්මාරකය ඉවත් කොට ඇත්තේ විශ්ව විද්‍යාල පාලන අධිකාරිය බවට තොරතුරු හෙළිවීමෙන් පසුව විරෝධතාවයේ උණුසුම අඩුවී ගියේය.