කොළඹ ඩර්ඩන්ස් රෝහලේ 10 වැනි මහළෙන් වැටී මිය ගිය කොළඹ ප්‍රකට ව්‍යාපාරිකයකු වන සලාකා සෙන්කඩ අධිපති ගාමිණි නෙත්තිකුමාරගේ පුත්‍රයාගේ මරණය සැක සහිත එකක් බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්විමට නියමිත බව වාර්තා වේ.
මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මේ සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවත් ලබා දීමය. එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි මෙම තරුණයා 31 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු ඉහළ මහලේ සිට පස්වෙනි මහළ දක්වා ඇද වැටී ඇත.
ඔහුගේ මිය යාම සිය දිවි නසා ගැනීමක්ද එසේ නැතිනම් ඇද වැටීමක්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි ව නැති අතර සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊට අදාළ හේතුව පැහැදළි නොවූ හෙයින් විවාත තීන්දුවක් ලබා දී ඇත.
ගාමිණි නෙත්තිකුමාර සහ සුධර්මා නෙත්තිකුමාර යුවළගේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු වන මෙම තරුණයා මිය යාමට හේතු වූ සිදුවීම පසුගිය 25 වැනිදා අලුයම 3.00ට පමණ සිදුව ඇති බවට විශ්වාස කරයි