පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිට අධිකරණයට ඉදිරිපත් කොට පසුව මුදා හරින ලද සයින්දමර්දුහි වෙසෙන කාන්තාවක අද නැවත මඩකලපුව පොලිස් විශේෂ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අද (09) අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 වසරේ පාස්මකු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මඩකලපුව සයින්දමර්දු ප්‍රදේශයේදි පොලිස් වැටලිමක් සිදු කළ අවස්ථාවේ දී බෝම්බ පුපුරවාගෙන මැරුණු අන්තවාදියාගේ බිරිදය.
එසේ වුවද ඇය ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර ඇත.
කෙසේ වුවද ඉකුත් හතරවැනිදා සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබූ මරාගෙන මැරෙන්නට ප්‍රතිඤා දුන් කාන්තාවන් හය දෙනා ගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදි මෙම කාන්තාවද සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දී ඇති බව අනාවරණය වීමත් සමග මෙලෙස ඇය යළි අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පසුබිම් වූයේ පසුගිය නොවැම්මබර්ස මස විසි හතර වැනි දින කාත්තන්කුඩියේදි අත්අඩංගුවට ගත් විසි හැවිරිදි අන්තවාදි නායකයා ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් ඔස්සේ හෙලිකරව් වූ කරුණු මතය.
ඒ අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර මේ වන විට අන්තවාදි පිරිස් අයිඑස් අයිඑස් සංවිධානය හා සම්බන්ධතා පවත්වන බවට සැක කෙරෙන අතර සහාරාන් හෂීම් සමග ඍජු සම්බන්ධතා පවත්වන ලද දහනව දෙනකු මඩකලපුව පොලිස් විශේෂ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් දහහත් දෙනකු මේ වන විට කොළඹ රඳවා ප්‍රශ්න කරන අතර ඔවුහු නිරෝධායනය සදහා යොමු කොට ඇති බවද දැනගන්නට තිබේ.