පසුගිය රජය සමයේ සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන380 ක් වැය කිරීම පිළිබඳ විගණනයක් පවත්වන බව සමෘද්ධි විෂය භාර රාජ්ය ඇමැති ශෙහාන් සේමසිංහ අද (26 ) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල තිබෙන්නේ සමෘද්ධිලාභීන්ගේ මරණයකදී, දරු උපතකදී, විවාහයකදී දීමනාවක් ගෙවීමට බව කී රාජ්ය ඇමැතිවරයා පසුගිය ආණ්ඩුව මෙම අරමුදල පාක්ෂිකයන්ට ටී ෂර්ට් බෙදා දීමට යොදා ගත් බව පැවසීය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයිද කී ඇමතිවරයා විගණනයක්ද සිදු කරන බව සඳහන් කළේය.