දිනසේන රතුගමගේ:
ප්රජාතන්ත්රවාදී සටන්කාමී පක්ෂයේ ඉල්ලීම් හා කොන්දේසී පිළිනොගෙන ඔවුන්ව රැවටීමට උත්සහ කරණ දෙමළ දේශපාලන පක්ෂ කිසිවකට තම සහය ලබා නොදෙන බව එම පක්ෂයේ උප සභාපති එස්.අරවින්දන් 21 දා කිළිනොච්චියේදී පැවසීය.
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයින් විසින් පිහිටුවාගෙන ඇති ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ සාකච්ඡාවක් කිළිනොච්චියේදී පැවති අතර එම සාකච්ඡාවෙන් පසුව උප සභාපතිවරයා මේ බව කියා සිටියේය.

ඔහු මෙහිදී කියා සිටියේ ප්රජාතන්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් සමගම සාකච්ඡා කොට මෙවර මහ මැතිවරණයේදී සහය ලබා දීම සදහා කොන්දේසී කීපයක් ඉදිරිපත් කළ බවයි.
නමුත් එම පක්ෂ සියල්ලක්ම කොන්දේසී විරහිතව උදව් කරණ ලෙස ඉල්ලා සිටීම නිසා තම පක්ෂයේ සභාපති මලරවන් ස්ථිර තීන්දුවකට පැමිණි බවත් එම තීන්දුව වන්නේ ඉදිරිපත් කළ කොන්දේසී ඉටු නොකරණ කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදීම බවත් අරවින්දන් කියා සිටියේය.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂ උතුරේ ජනතාව රවටන ආකාරයටම තම පක්ෂයද රවටවා ඔවුන් බලයට පත් වීමට උත්සහ දරනවා විනා තම සාමාජිකයින්ගේ යහපත වෙණුවෙන් කටයුතු නොකරණ බවද ඔහු සදහන් කළේය.