තරග පාවා දීම සම්බන්ධ චෝදනා එල්ල වී සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රිඩක සචිත්ර සේනානායක අත්අඩංගුවට ගැනීම වළකාලීම සඳහා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
පොලිසියේ ක්‍රිඩා වැරදි ඒකකය මඟින් විමර්ශණ සඳහා කැඳවීම් කිහිපයක්ම මඟ හැර ඇති ඔහු නීතීඥයකු මාර්ගයෙන් අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. කෙසේ වුවද ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු හෙට දිනයේ ක්‍රීඩා වැරදි ඒකකය වෙත පැමිණීමට නියමිත බවය.
මෙම ක්‍රිඩකයා පසුගිය එල්..පීඑල් තරගාවලියේ දඹුල්ල වයිකිං කණ්ඩායම හ කලම්බු කිංග්ස් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු සඳහා තරග පාවා දීමේ යෝජනා සිදු කළ බවට වාර්තා වී ඇති අතර මේ පිළිබඳව තොරතුරු දැනගත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මේ පිළිබඳව විමර්ෂණය කරන ලෙසට පොලිසියේ විශේෂ ඒකකය වෙත දන්වා තිබුණි. ඒ අනුව ඔහු තෙවරක්ම පොලිසියට පැමිණීමට නියමිත ව තිබුණද මෙතෙක් පොලිසිය හමුවේ පෙනී සිට නැත.