දිනසේන රතුගමගේ –
රුපියල් කෝටි ගණනක් වටිනා කිලෝ ග්රෑම් 6 ක් බරැති ඉපැරණි ලෝහමය බුද්ධ ප්රතිමාවක් අලෙවි කිරීමට උත්සහ කළ තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද ( 20 ) මුලතිව් ප්රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
එක් අයෙකු ළඟ වටිනා බුදු පිළිමයක් ඇති බවත් ඔහු එය විකිණීමට උත්සාහ කරණ බවටත් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරුකට අනුව පිළිමය ළග තබා ගෙන සිටි පුද්ගලයා ඉදිරියේ ගැනුම් කරුවන් ලෙස පෙනී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් තුන් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
එම පිළිමය මුලතිව් ප්රදේශයේ කිසියම් බෞද්ධ සිද්ධස්ථනයකින් සැකකරුවන් විසින් සොරකම් කරන්නට ඇතැයි විශ්වාස කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සැකකරුවන් හා බුදු පිළිමය මුලතිව් පොලීසිය වෙත බාර දී තිබේ.