දිනසේන රතුගමගේ
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම්ට සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා ඊයේ (21) යාපනය මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.
සිවාජිලිංගම් හිටපු මන්ත්රීවරයා රාත්රියේ සිය කටයුතු අවසන් කොට යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප්රදේශයේ සිය නිවස අසල පිහිටි කාර්යාලයේ දොර වැසීමට ගිය අවස්ථාවේදී ඒ අසල සිටි සර්පයෙකු දෂ්ඨ කොට තිබේ.
මන්තිහෙයි රෝහලට ඇතුළත් කළ සිවාජිලිංගම්ව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබේ.