ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිගේ ඉල්ලීම ප්‍රකාරව කරණම් ගැසීමට පැමිණි ඉන්දීය ගුවන් යානා 22ත්, ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලය 197ත් පැමිණියේ ඉන්දියාවේ පූර්ණ වියදමින් බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
ඉන්දීය ගුවන්බලය ප්‍රකට වුණු එම සංදර්ශනය ඉන්දීය පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලැබුණු බවත්, මෙම ගුවන් කාර්ය මණ්ඩල රැඳී සිටි හෝටල් ගාස්තු, යානාවල ඉන්ධන වියදම් ඇතුළු සියලු බරපැණ දරා ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වේ.
ඉන්දීය ගුවන් හමුදාව සතු තේජස්, හෝක්, ඩෲවි, සූරිය කිරණ්, ඩෝනියර් යන වර්ගවලට අයත් ගුවන් යානා, ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා මෙම ගුවන් යානා සංදර්ශනයට එක්කර තිබිණි. සාරාන්ග් නමැති ගුවන් සංදර්ශනවලට ලෝකයේ භාවිත කරන විශේෂිත වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද ඉන්දියාව විසින් මෙම සංදර්ශනයට කළේය.