ශ්‍රි ලංකා අමරපුර නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණෝ අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී වදාළහ. අපවත් වනවිට 88 වැනි වියේ පසුවූ නාහිමිපාණන් වහන්සේ ටික දිනක් රෝගාතුරව වැඩ විසූහ.
1933 ජනවාරි මස 26 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ දී උපත ලද උන්වහන්සේ 1948 වසරේදී එනම් 15 විය සපිරෙද්දී පැවිදි දිවියට ඇතුළු වූ අතර මෙරට වැඩ වාසය කළ විචිත්‍ර ධර්ම කථකයානණ් වහන්සේ නමක ලෙසින් සහ ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේ නමක ලෙසින් කීර්තියක් ඉසිලූහ. ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ අනූනායක ධුරය ඇතුළු විවිධ තනතුරු දරමින් මෙරට මෙන්ම විදේශීය ධර්ම ප්රචාරක කටයුතු ඇතුළු ශාසනික කාර්යයන් රැසකට දායක වූ ධම්මාවාස නාහිමියන් ගල්කිස්සේ ධර්මපාලාරමය කේන්ද්‍ර තොටගෙන තම ශාසනික දිවිය පත්වාගෙන ගියහ.
උන්වහන්සේගේ අවසන් කටයුතු පිළිබඳව පසුව නිවේදනය කිරීමට නියමිතය.