සමරිසි ප්‍රජාව විවේචනය කරමින් ඔවුන් මානසික රෝගීන් ලෙස හඳුන්වා තමන් විසින් වීඩියෝ සම්මුඛ සාකච්ඡාවක් හරහා සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ අපේක්ෂක වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා තම කණගාටුව පළකරයි.
“සමරිසි ප්‍රජාව නියෝජනය කරන මගේ සියලුම මිතුරු මිතුරියනි” මම යමකු අපහසුතාවකට පත්කළේ නම් දැඩි සේ කණගාටුවට පත්වෙනවා. මම අධික ලෙස වෙහෙසකර තත්වයක සිටියදීයි මේ ප්‍රකාශය කියවුණේ. එය මා අතින් නොකියවිය යුතු, නොකළ යුතු ප්‍රකාශයක්. මම ව්‍යාජ වීඩියෝවක් හරහා සමලිංගිකයකු බවට සමාජ මතයත් පැතිරවීම නිසා පීඩාවට පත්ව සිටින්නෙක්. එය මගේ මනසට දැඩි ව්යසයකට ලක්කළ එකක්. කිසිවකුගේ ලිංගික තෝරාගැනීම් අවමානයට ලක්කිරීමට හෝ අපහසුතාවට පත්කිරීමේ අදහසින් කළ දෙයක් නෙවේ. මට සමාවන්න.” යයි ඔහු තම ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.