වේයන්ගොඩ නිදහස් මාවතේ නගරසභා නිවාස පේළිවල දැනට හුදකලා කර ඇති ජනපද ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 28ක් ඊයේ (19) රාත්‍රියේ වාර්තා වූයේය.
මේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර වැඩිහිටයන්ගේ සිට ළදරුවන් දක්වා සෑම පරාසයකම පිරිසක් ඇතුළත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ලංකාසර ට පැවසීය.
මේ වනවිට නගරසභා ජනපදයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 50කි. මෙම ජනාවාසය ප්‍රදේශයේ අක්කර තුන් කාලක භූමියක නිවාස 80ක් පමණ පිහිටා තිබේ. තුන්සිය පනහක් පමණ පිරිසක්