වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිති ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සේවක සේවිකාවන් 44 කොවිඩ් ආසාදිත බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය.
කාර්යාලයේ සේවකයන් 4 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ පසු එහි සේවය කරන සේවක සේවිකාවන් 78 දෙනෙකුට කරන ලද පී.සී.ආර් පරීක්ෂණවල වාර්තා ඊයේ නිකුත් වී ඇති අතර ඉන් 40ක් කොවිඩ් ආසාදිත බව ඊයේ තහවුරු වී යැයි සෞඛ්‍ය අංශ පැවසීය.
ආසාදිත පුද්ගයන් අතර කාන්තාවන් 15ක් ද සිටින බව එම වාර්තා පවසයි. රෝගීන් ඊයේ රාත්‍රියේම දඹදෙණිය හා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හැකි වී තිබේ.