ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන සිය ධුරයේ වැඩ ඇරඹුවාය.
සුනේත්‍රා ගුණවර්ධන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ හමුවේ අද (05) සිය ධූරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
කෙසේ වෙතත් සිය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ තනතුරෙන් ඉවත් කරන බවට තමාට කිසිදු ලිඛිත දැනුම් දීමක් තබා SMS පණිවුඩයක් හෝ නොලැබුණ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඊයේ පවසා තිබිණි.
ලේකම්වරයා විශේෂඥ වෛද්‍යවරයෙක් බැවින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලකිය යුතු කාලයක් සේවය කළ බැවින් කොවිඩ් පාලන කටයුතු පිළිබඳ මනා අවබෝධයක් තිබුණේ යැයිද ඇය කීවාය. කෙසේ වෙතත් සුනේත්‍රා ගුණවර්ධන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස වැඩ භාරගත් අතර හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන හා ගෘහාශ්‍රිත සත්ව පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මාරු කර යවා තිබිණි.
නව ලේකම්වරිය වැඩ භාරගත් අවස්ථාවේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාත් ඊට සහභාගී වූයේය.