කොරෝනා සැක සහිත අයවලුන් නිරෝධානය කිරීම සඳහා තෝරාගත් පාසලක් තමන්ගේ නිවස ආසන්නයේ ඇති බැවින් එම ස්ථානය කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම එරෙහිව බලපෑම් කළ වියත්මගේ ප්‍රබල සාමාජිකාවක් වූ ඇමතිවරියක් නිසා එම පාසල අත්හැරීමට සිදු වූබව හමුදා ආරංචි මාර්ග හෙළි කරයි.
මෙසේ කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තෝරාගැනීමේ දී බලපෑමට ලක්ව තිබුණේ බත්තරමුල්ල, තලංගම උතුර කොස්වත්ත ශ්‍රී සුබෝධි කණිෂ්ඨ විද්‍යාලය බව පැවසේය.
ආරක්ෂක අංශ මෙම පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් සේ සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික ඉදිකිරීම් කටයුතු ඇරඹීමත් සමග මේ විරෝධය මතු වු නිසා එම පාසල අත් හැර වෙනත් ස්ථාන සොයා යෑමට කටයුතු කළ බව උක්ත ආරංචි මාර්ග සඳහන් කරයි.