ආණ්ඩුවට එක්වීම මේ වනවිට මන්ත්‍රිවරුන් දොළොස් දෙනකු පමණ සූදානමින් සිටින බවත් ඔවුන් තමන්ට ලැබෙන ඇමති තනතුරුවලට අමතරව මුදල්ද ඉල්ලා ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගග ලංකාසරට පැවසීය.
මෙම ආරංචි මාර්ගවලට අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලට ඊට අමතර වරප්‍රසාද මෙනම් මුදල් විශාල ගණනින්ද ද ආණ්ඩුවේ මේ සාකච්ඡාවලට සම්බන්ධ වූ නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත.
මේ වනවිට ආණ්ඩුව කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇතුළු අමාත්‍ය ධුර හතක් මෙලෙස ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පළ කර ඇති මන්ත්‍රීවරුන් වෙත ලබා දිමට එකඟත්වය පළ කර ඇතත් ඔවුන් ඊටත් වඩා දේවල් ඉල්ලන තත්ත්වයක් මේ අනුව නිර්මාණය වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 20 වැනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීමට ප්‍රමාණවත් මන්ත්‍රි ධුර ආණ්ඩුව වෙත නොමැති බව මේ වනවිට අනාවරණය වී ඇති අතර මේ නිසා ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙකක් පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීමේ අදහසින් මෙලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුවේ පාර්ශ්ව දැඩි ප්රයත්නයක මේ වනවිට නියැළෙමින් සිටී. මේ තත්ත්වය මත ආණ්ඩුවට එක්වීම බලාපොරොත්තු වන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද ඉල්ලීම් ඉහළ යමින් පවතින තත්ත්වයක් පවතී.