ඉන්දියාවෙන් කොවිඩ්-19 වයිරසයේ නව ද්විත්ව විකෘතියක් අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ සෝදිසියෙන් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශිකයන්ගේ සාම්පල අහඹු ලෙස පරීක්ෂා කරමින් COVID-19 හි සියලුම නව විදේශීය ප්‍රභේදයන් පිළිබඳ සොයාබලන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝලීය වශයෙන් COVID-19 හි නව විකෘති රාශියක් ඇති බැවින් සියලු පූර්වාරක්ෂාවන් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම නව ද්විත්ව විකෘති ප්‍රභේදය පසුගිය වසරේ දෙසැම්බරයේ මහාරාෂ්ට්‍රයේ නාග්පූර්හිදී ප්‍රථම වරට අනාවරණය වීමෙන් පසුව එය ප්‍රාන්ත 18 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බව ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.