දිනසේන රතුගමගේ
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද සමයේදී කිළිනොච්චිය අරිවියල් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි ගබඩාවක් 21 දා වර්ෂාවත් සමග මතු වී තිබේ.
මේ පිළිබදව කිළිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කිළිනොච්චිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයට නුදුරින් තැනක වූ මෙම අවි ගබඩාව පරීක්ෂා කොට ගොඩ ගෙන තිබේ.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගන්නා ලද අවි අතර ට්-56 වර්ගයේ ගිණි අවි 5ක්,මැගසින් 1ක් හා පතරොම් 40 ක් පමණ සොයාගෙන තිබේ.
මෙම ගිණි අවි විනාශ කිරීම සදහා පොලීසිය කිළිනොච්චිය අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන තිබේ.