ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ බලහත්කාරයෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ ලෝක විවාහක රූ රැජිණ කැරොලීන් ජූරි ට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කර තිබේ.
තමන් නොමැති බලයක් පෙන්වා මෙම ක්‍රියාව සිදුකළ කැරොලයින්ට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බවද, තරගය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද ඇයට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇති බවද නීතිඥවරයා කීවේය.
මෙම ක්‍රියාවේදී කැරලයින් ජූරි හැසිරුණු ආකාරය නිසා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් වී ඇතැයිද නීතිඥ යූ,ආර්.එල්. ද සිල්වා පෙන්වා දුන්නේය.