දිනසේන රතුගමගේ –
වසදී මරා දමන ලදැයි සැක කෙරෙන වන අලියෙකුගේ සිරුරක් වවුනියාව සෙට්ටිකුලම කප්පච්චි වැව් ඉස්මත්තේ තිබී වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඊයේ (12) සොයා ගත් මේ වන අලියාගේ වයස අවුරුදු හතක් පමණ වූ බවත් මෙම අලියාට කිසියම් පිරිසක් විසින් වස දී මරණයට පත් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු කියති.
කප්පච්චි ගම්මානය හා ඒ අවට ගම්මාන සම්පූර්ණයෙන්ම ගොවි ගම්මාන නිසා ගොවියන් විසින් ඔවුන්ගේ වගා ආරාක්ෂා කර ගැනීම සඳහා අලියාට වස දෙන්නට ඇති බවට සැකකරනු ලබයි.
මේ සම්බන්ධයෙන් වවුනියාව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.