දිනසේන රතුගමගේ –
කොවිඩ් වසංගතය වැළදී වවුනියාව මහ රෝහලට ඇතුළත් කළ කාන්තාවක් අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ ( 26 )දා සවස මියගොස් තිබේ.
ඇය මීට පෙර වෙනත් රෝගී තත්ත්වයක් මත වවුනියාව මහ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටියදී සිදු කරණ ලද පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
වවුනියාව පෙරිය උළුක්කුලම ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කොවිඩ් වසංගතය වැළදුණු මූලය සොයා ගැනීමට මේ දක්වා නොහැකි වී ඇති අතර ඇයගේ දේහය පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කිරීමට අනුරාධපුර ශීක්ෂණ රෝහල පියවර ගෙන තිබේ.
කාන්තාව වාසය කළ ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබේ.