දිනසේන රතුගමගේ –
වවුනියාව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගත රෝග මර්දන කටයුතු සදහා නියැලී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් තෝරාගත් 12 දෙනෙකුට යතුරු පැදි ප්රදානය කිරීම ඊයේ ( 2 ) දා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ දී සිදු කෙරුණි.
පලමු අදියරයේ දී යතුරු පැදි නොලැබුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දෙවන අදියරයේ දී යතුරු පැදි ලබා දෙන බව මේ අවස්ථාවට සහභාගී වූ වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එස්.මහේන්ද්‍රන් පැවසීය.