දිනසේන රතුගමගේ:
වන අලියෙකු පහරදීම නිසා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරිය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 20 දා දහවල් මියගොස් තිබේ.
ඇය යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ තාක්ෂණ අංශයේ කථිකාචාර්යවරියකි.
වන අලි ප්‍රහාරයට ගොදුරු වී මෙසේ මියගොස් ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචි ගායාත්‍රී දිල්රුක්ෂි නැමති තිස් දෙහැවිරිදි අයෙකි.
ඇය තවත් කාන්තාවක් සමග අසල විහාරස්ථානයක බුදුන් වැදීමට ගොස් ආපසු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක් වෙත යමින් සිටියදී මහා මාර්ගයේ සිටි වන අලියා ඇයට පහර දී තිබේ.
තුවාල ලැබූ ඇය කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරුකොට යැවීමෙන් පසුව එහිදී මියගොස් තිබේ.
කිළිනොච්චියේ වනජීවී නිලධාරීන් එම වන අලියා සෙවීම පිණිස මෙහෙයුමක්ද දියත් කොට තිබුණි.