වතු කම්කරුවනගේ දෛනික දීමනාව රුපියල් දහසක් කිරීමේ ගැසට් නිවේදනය 2021 මාර්තු මස 05 දා නිකුත් වූ බවත් එබැවින් මාර්තු මස 05 දා සිට හාම්පුතුන් වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දිය යුතු බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මාධ්‍යයට පැවසුවේය.
ගෙවීම් පැහැර හැරිම සම්බන්ධව අනපේක්ෂිත තත්වයක් ඇතිවුනොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පඩි පාලක සභා ආඥා පණතෙම විධි විධාන පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
“ මා හිතන්නෙ නෑ හාමුපුතුන් ඒ තත්වයට පත් වේවි කියලා. ඒ සම්බන්ධව සේවකයන්ට කිසියම් පැමිණිල්ලක් ඇතිනම් ආසන්නතම දිස්ත්‍රික් කම්කරු කාර්යාවලට පැමිණිලි කළ හැකියි. එවැනි සිදුවීම් වාර්තා වෙනවා නම් ඒ සම්බන්ධව තදින් ක්‍රියාත්මක වීමට අප බලාපොරොත්තු වෙනවා…“
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.