සමන්තිකා වීරවර්ධන –
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඖෂධ පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යනය කරන ලෝකයේ වෙනත් රටවල පවතින ඖෂධ අධිකාරියකින් හෝ අනුමැතිය ලබා දෙන්නේ නම් අපට ඒ සඳහා අනුමැතිය ලබා දීම පහසුවක්වනු ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි
එහෙත් මේ වන විට මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ පිළිගත් ඖෂධ නියාම අධිකාරියකින් හෝ අවසර ලැබී නොමැති බැවින් අපටද අවසර ලබා දීම ප්‍රමාධ වනු ඇතැයි වෛද්‍ය ජයසිංහ මහතා සදහන් කළේය.
සයිනෝෆාම් එන්නත චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණද එය මෙරට ජනතාවට ලබා දීමට ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසරය තිබිය යුතු බවත් එම අවසරය ලබා දීමට එන්නත නිෂ්පාදනයට අදාල ලියකියවිලි සම්පූර්ණ විය යුතු නමුත් එම ලියකියවිලි සම්පූර්ණ වී නොමැති බැවින් එම එන්නත මෙරට ජනතාවට ලබා දිය නොහැකි යැයි ඔහු පෙන්වාදේ.