සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිකාර තනතුරකටවත් සුදුසුකම් නොලබන 48කට විදේශ වෛද්‍ය උපාධිය හරහා මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ඇතිව පත්වීම් ලැබීමට නියමිතව සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මෙරට ලිවාපදිංචි වෛද්‍යවරයකු වට පත් වීමට අදාළ අවම සුදුසුකම් පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට කටයුතු කරනු නොලැබීම බව මෙම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ චෝදනා කළේය.
රජයේ වෛද්‍ය විද්‍යාලයකින් නොවන විදේශ විශ්ව විද්‍යාලයකින් හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් මෙසේ වෛද්‍ය උපාධිය ලැබූ 83 දෙනකු මෙරට තම වෘත්තිය කිරීම සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ගෙන් 76ක්ම මෙරට වෛද්‍යවරුන් වීමට නුසුදුසු බවත් මේ අතරින් 30 දෙනකු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේද යන්න පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර තවත් 18 දෙනකු උසස් පෙළ විෂයයන් තුනම අසමත් අය බවද පෙන්වා දුන් ඔහු උසස් පෙළ ජීව විද්‍යාව විෂය ධාරාව හදාරා නැති විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
මෙරට සෞඛ්‍ය පද්ධතියට මෙම තත්ත්වය ඉතාම අහිතකර තත්ත්වයක් වන අතර මෙරට වෙද්යවරයකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවම සුදුසුකම්ගැසට් කිරීමට මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරිය එකඟතාව පළ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.