ලබන වසරේ රජයේ සමස්ත වියදම් ලෙස රුපියල් කෝටි 267864ක් ලෙස දක්වා ඇති අතර මෙම වසරේ සමස්ත වියදම රුපියල් කෝටි 253802ක් ලෙස දක්වා ඇත.
අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කරන ලද 2020 වසරේ වියදම් සහ ලබන වසරේ සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත් දෙකෙහි මේ බව සඳහන් වේ.
ලබන වසර සඳහා සමස්ත වියදම වෙනුවෙන් ආදායම සොයා ගන්නා ආකාරය නොවැම්බර් 17 දා මුදල් ඇමැතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ විසින් අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැහැදිළි කිරීමට නියමිතය.
මෙම විසර්ජන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා, අගමැතිවරයා , කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලබන වසරේ වැය ශ්ර්ෂයන් වෙනුවෙන් මුදල් වෙන්කර ඇති ආකාරය පෙන්වාදී ඇත.