මීට දින තුනකට පෙර මහනුවර පල්ලේකැලේදි කෘත්‍රිම සිංචන ක්‍රමයට අනුව ශ්‍රි ලංකාවේ බිහි කළ ප්‍රථම අශ්ව පැටවා මෙළොව එළිය දැක තිබේ.
සමන්තා ලෙස නම් තබා ඇති මෙම අශ්ව පැටවා නිරෝගි සුවයෙන් පසුවන බව ප්‍රවීණ සත්ත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් ලංකාසරට පැවසීය.
මහනුවර පල්ලෙකැලේ යුද හමුදා රයිෆල් බළකා කඳවුර ආශ්‍රිතව පිහිටි අශ්වගාල කේන්ද්‍රකර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පරියේෂණ ක්‍රියාවලිය ප්‍රතිපලයක් ලෙස මෙම අශ්ව පැටවා බිහි කර ගත හැකි වූ බව පාලිත සමරකෝන් කීය. කෘත්‍රිම සිංචනය උපයෝගී කරගනිමින් මෙරටට ගැලපෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහිකිරීමට හැකිවූ බවද සමන්තා එහි ප්‍රතිඵලය බවද ඔහු පෙන්වා දුන්නේය.
ලංකාවේ ජිවත් වෙමින් සිටි නවසීලන්ත සම්භවයකින් යුත් උසස් වෙළඹකගේ ගර්භාෂයට, අරාබි සම්භවයක් ඇති උසස් පෙළපතක අශ්වයෙකුගේ ශුකාණු කෘතීම සිංචන ක්‍රමය මගින් තැන්පත් කිරිමෙන් මෙම අශ්ව පැටවා උපදවාගෙන ඇත. මාස 12ක ගැබ් කාලයකින් අනතුරුව පැටවා නිරෝගී ලෙස මෙළොව එළිය දැක තිබේ.
මෙම පිරිමි අශ්වයා ජිවත් වෙමින් සිටින්නේ ඇමරිකාවේ සත්ත්ව ගොවිපොළක බවත්, මෙම ශුක්‍රණු සාම්පල මෙරටට ගෙන්වා ගත් බවත් පර්යේෂකයෝ පවසති. උසින් අඩි තුනක් පමණ වන මෙම අශ්ව පැටවාගේ උපතත් සමඟ මෙරටට අවශ්‍යය හා මෙරට දේශගුණයට ඔබින අශ්ව පරපුරක් බිහි කිරීමට අවැසි පසුබිම සැකසෙනු ඇති බවද ඔවුහු අවධාරණයකරති.
මින් ඉදිරියට අධික මුදලක් ගෙවා විදේශයන්ගෙන් අශ්වයන් ආනයනය කිරීම අනවශ්‍යය බවත් මේ ආකාරයෙන් අශ්වයන් පමණක් නොව උසස් තත්ත්වයේ ගවයන් එළුවන් වැනි සතුන් ද පහසුවෙන් බිහිකරගත හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා මෙම කටයුත්ත සඳහා විශේෂ දායකත්වයක් ලබාදී තිබේ.
මීට පෙර මේ ආකාරයෙන්ම ලංකාවේ ප්‍රථම බැටලු පැටවා බිහි කරගැනීමට පර්යේෂකයන් කණ්ඩායමකට හැකි විය.