නීිති විරෝධීව ලංකාවට ගෙන්වනු ලැබූ ලොකුම කහ තොගය ඊයේ (26) විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තේය.
විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ කණ්ඩායමක් විසින් කරන ලද මෙහෙයුමක දී හුංගම පොලිස් වසමේ කලමැටිය ගුරුපොකුණ ධීවර වරායේ දී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
කිලෝ 25000ක් වූ කහ තොගය ජවාරම් කරුවන් විසින් ගෝනි 450ක බහා ලංකාවට ගෙනැවිත් තිබුණේය.
මෙම මෙහෙයුමේ දී සැකකරුවන් තිදෙනෙක් ඊයේ ද බෝට්ටුව පැදවූ තැනැත්තා ඇතුලු දෙදෙනෙක් අද උදෑසනද අත්අඩංගුවට පත් විය.
ඉන්දියාව පේන තෙක් මානයට ට්‍රෝලර් යාත්‍රාවක ගොස් සිටිය දී ඉන්දියාවේ සිට කුඩා බෝට්ටු 2කින් මම කහ තොගය තමන් අසලට ගෙනැවිත් ට්‍රෝලර් යාත්‍රාවට පැටවූ බව ජවාරම් කරුවෝ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණහ.