රාජාංගනය ප්රදේශයේ විදුහලක සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පළමු පරීක්ෂණයේදී හෙලිවී ඇති බවත්, එය තහවුරු කෙරෙන්නේ අද ලැබෙන දෙවන පී.සී,ආර්. පරීක්ෂණයේ දත්ත මත බවත් වාර්තා වේ.
මෙම සිසුවාගේ නිවසේ කිසිවෙකුට රෝගය ආසාදනය වූ බවට තහවුරු වී නැත. ස්ඵර්ෂ කළ අය ද නැති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතත් ඔහුගේ පාසලේ ගුරුවරුන් සිසුන් ඇතුළු තිස් දෙනෙක් නිරෝධායනය කිරිමට කටයුතු යොදා තිබේ.
මෙම සිසුවා එම ප්රදේශයේ පළමුවෙන්ම කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවෙස ආසන්නයේ පදිංචි කරුවෙකි.