පාස්කු ඉරිදා එල්ල වූ පුහාරයට තමන්ගේ සම්බන්ධයක් පවතින බව ඒත්තු ගැන්වෙන ද්වේෂ සහගත අදහසක් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශෂණයක් පවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සැලේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.
මේජර් ජනරාල් සුරේෂ් සැලේ මහතා මෙම විමර්ෂණයෙන් පසු අදාල නීතිමය පියවර ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
ඔහුගේ පැමිණිල්ලට අනුව පසුගිය 17 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා තමන් මැලේසියාවේදී අන්තවාදී නායක සහරාන් හමුවී ඇති බවත් සුරේෂ් සලේ මහතා ප්‍රකාහ ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය විමර්ෂණය කිරීමේ ජනාධිති කොමිසම වෙත නොකැඳවූ බවත් ප්‍රකාශ කර ඇත. එය සාවද්‍ය ප්‍රකාශයක් බවත් තමන් සය වතාවක් මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් බවට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත.
මෙම විමර්ශෂණ වෙනත් අතකට යොමු කිරීමට මෙම ප්‍රකාශය හේතු වන බවත් මෙම ප්‍රකාශය හරහා තමාගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත අවදානමකට ලක්ව ඇති බවට පවසා ඇති රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත