ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට පැමිණි ලක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු එහි නිලතල සංශෝධනය වන ආකාරය සහ නායකත්වය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ලද ආරංචි මත රැස්වීම ආරම්භ වීමට මත්තෙන් ඊට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව එපක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන සාමාජිකයන් මෙලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන් පක්ෂයේ වර්තමාන නායකත්වයට විරුද්ධ දැනට එජාපයේ සිටින සමාජිකයන් සමඟ එක්ව වෙනම පෙරමුණක් පිහිටුවීම පිළිබඳව මූලික සාකච්ඡා සිදුකොට ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පක්ෂ ප්‍රබලයින් ඊයේ (13) පෙරවරුවේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට මත්තෙන් පිටකෝට්ටේ සිරිකොත ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇත. ඒ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටි සමාජිකයන්ගෙන් සහ නායකත්වයට සම්බන්ධ සමීප ආරංචි මාර්ගවලින් පක්ෂයේ සිදුවන්නට යන වෙනස්කම් පිළිබඳව අනාවරණය වී ඇත. එවිට මෙම සාමාජිකයන් සිරිකොත මූලස්ථානයේ සභාපතිවරයාගේ කාමරයට රැස්වී කෙටි සාකච්ඡාවක් සිදු කොට ඇත.
අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවී එහි දිගටම රැඳී සිටීම සඳහා අනුගමනය කරන ක්‍රමෝපාය පිළිබඳව ඔවුන් විවේචනය කොට ඇති අතර නව පෙරමුණක් ලෙස පක්ෂයට හිතවත් සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම පිලිබඳව කතා බහ කොට ඇත.
මේ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකත්වය වෙත නිල වශයෙන් දැනුම් දීමේ බලාපොරොත්තුවක් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවද මේ පිළිබඳව ලංකාසර රවී කරුණානායක මහතාගෙන් විමසීමට උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාරයක්දැක්වූයේ නැත.