කීර්ති ප්රනාන්දු –
රන්ජන් රාමානායකගේ මන්ත්රී ධුරය අහිමි කිරීමත් සමග හිස් වූ මන්ත්රී ආසනය සඳහා හටපු රාජ්ය ඇමති අජිත් මාන්නප්පෙරුම නම් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ නිකුත් කරනු ලැබීය.
අජිත් මාන්නප්පෙරුම ඉදිරි දිනක දී කතානායකවරයා ඉදිරියේ මන්ත්රී ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.
රන්ජන් රාමනායකගේ මන්ත්රී ආසනය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මාතරවරණ කොමිෂන් සභාව වෙත පසුගිය දා දැනුම් දී තිබිණි.