මීට ස්වල්ප වෙලාවකට පෙර රජය 36 වැනි කොවිඩ් මරණය වාර්තා කළේය.
ඇය 84 හැවිරිදි වියපත් කාන්තාවකි. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය අසාධ්‍ය වීමෙන් අනතුරුව අයි.ඩී,එච් රෝහලට මාරු කර ඇති අතර එහි දී මිය ගොස් ඇත.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇත. මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියාව ය. මීට අමතරව උඩුගම්පොල දොරණගොඩ ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතව මිය ගිය බව ගම්පහ රෝහලේ ආරංචි මාර්ග තහවුරු කළේය. එම මරණය කොවිඩ් මරණයක් බව තවම රජය විසින් නිල වශයෙන් තහවුරු කර නැත.