දිනසේන රතුගමගේ
යාපනයේ ප්‍රදේශ ගණනාවක නිරෝධායන කඳවුරුවලින් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ 128 දෙනෙකුගේ පරීක්ෂණ වාර්තා අනුව ඉන් 09ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුර වී ඇතැයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පී.සත්‍යමූර්ති ඊයේ (13) සවස පැවසීය.
මේ නව දෙනා යාපනය දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල නිරෝධායන මධ්යසථානයන්හි නිරෝධායනය වන විවිධ ප්‍රදේශවල පදංචි පුද්ගලයන් බවත් රෝහල් අධ්යක්ෂවරයා පැහැදිලි කලේය.
යාපනයේ ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථාන වලට අමතරව තවත් ස්ථාන 23 ක කොවිඩ් ආසාධිතයින් ඇසුරු කළ හා සැකයට භාජනය වූ පුද්ගලයින් 178 ක් පමණ නිරෝධානයට ලක් කොට තිබේ.
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් කලින් හමු වූ කොරෝනා රෝගීන් හය දෙනාට අමතරව තවත් රෝගීන් 4 ක් අලුතින් හමු වී ඇති අතර ඔවුන්ද මන්නාරමේ දේවස්ථානයක හා වෙනත් ස්ථාන වල සේවය කිරීමට පැමිණි සේවකයින් බව අනාවරණය වී තිබේ.