දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපයේ සිසුන් 98 දෙනෙකු 6 දා වන විට පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට ඇති අතර එම සිසුන් අතරින් එක් අයෙකු ශරීර ඌෂ්ණත්වය ඉහල ගොස් තිබීම නිසා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කළ එම සිසුවාගේ ශරීර ඌෂ්ණත්වය අංශක 98 ක් වශයෙන් වාර්තා වීම මත ඔහුව රෝහල් ගත කළා මිස ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් ඉන් ප්‍රකාශ නොවන බව වවුනියාව මහ රෝහලේ කොරෝනා වසංගත වාට්ටුව බාර වෛද්‍යවරු කියා සිටියහ.