දිනසේන රතුගමගේ –
යාපනය නගරයේ කාණු පද්ධතියෙන් බැස යන ප්රමාණයට වඩා වැසි ජලය නගරයට එකතු වීම නිසා පිටාර ගලන ලද ජලයෙන් යාපනය ශීක්ෂණ රෝහල් භූමියම අද ( 5 )දා සවස් වන විට යට වන්නට පටන් ගෙන තිබේ.
ගලා ආ වැසි ජලය යාපනය ශීක්ෂණ රෝහලේ වාට්ටු පරිපාලන ගොඩනැගිලි ඇතුළි සෑම ස්ථානයක් තුලටම ගලා ඒම නිසා යාපනය ශීක්ෂණ රෝහලේ පාලන අධිකාරිය යාපනය රෝහල පවත්වා ගෙන යාමේ අසීරුතාවයකට මුහුණ පා සිටිති.
රෝහල් කාර්ය මණ්ඩලය හා යාපනය ශීක්ෂණ රෝහලේ පවිත්රතා බාර ගෙන සිටින පෞද්ගලික සමාගමේ පිරිස් රෝහලට තුළට එකතුවන ජලය ඉවත් කිරීමට උත්සහ කරණ නමුත් ඉවත් කරණ ජලය යැවීමට ස්ථානයක් නොමැති තරමට සෑම ප්රදේශයක්ම ජලයෙන් යටවී තිබෙන නිසා සියළු දෙනාම දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.