යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිවකොලුන්දු ශ්‍රී සත්කුණරාජා අද (28) සිය තනතුරේ වැඩ බාර ගන්නා ලදී.
ආගමික වතාවත් වලින් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු කීප දෙනෙකු විසින් නව උපකුලපතිවරයාව විශ්ව විද්‍යාලය වෙත කැඳවා ගෙන එනු ලැබීය.
යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ධුරය සඳහා නම් විස්සක් යෝජනා වී තිබූ අතර අවසානයේදී එම තනතුරට තේරී පත් වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාය.