දිනසේන රතුගමගේ –
ආරක්ෂක අංශ සාමාජිකයින් බව පවසා යාපනයේ නල්ලූර් සංගිලියන් පාරේ නිවසකට 3 දා පැමිණි කණ්ඩායමක් නිවැසියන් වෙනත් ස්ථානයක රඳවා නිවසේ පොළොව යට තිබූ යම් පුරාවස්තු ප්රමාණයක් හාරා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
ඔවුන් පවසා ඇත්තේ නීති විරෝධී යමක් මෙම නිවසේ වළලා ඇති නිසා ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් පැමිණි බවයි.
පැමිණි පිරිසෙන් එක් අයෙකු නිවසේ උදවියට එහා මෙහා යාමට ඉඩ නොදී ඔවුන්ව රැක ගෙන සිටි අතරවාරයේ සෙසු පිරිස නිවසේ එක් කාමරයක මුල්ලක විශාල වලක් හාර ඒ තුළ සඟවා තිබු වස්තුව රැගෙන පළාගොස් ඇත.
යාපනයේ ජනතාව කියා සිටින්නේ යාපනය පාලනය කළ සංගිලියන් රජුගේ පළදනා හා වස්තුව අඩංගු නිධානයක් මේ ප්රදේශයේ පොළොව යට ඇති බවට කාලාන්තරයක සිට ජනතාව තුළ විශ්වාසයක් පැවති බවයි.
නල්ලූර් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි.