දිනසේන රතුගමගේ –
යාපනයේ පුංගුඩුතීව් වේලනෙයි ප්‍රදේශයෙන් හමුවූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 114ක් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කළ බව යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පී,සත්‍යමූර්ති අද 5 සවස පැවසීය.
යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ අදාල කාන්තාවට යාපනය ශීක්ෂණ රෝහලේදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඇය කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හදුණාගත් නමුත් එම කාන්තාව ඇසුරු කළ හා ඇය ගමන් බිමන ගිය යාපනයේ වඩමරච්චි ඇතුලු ගම්මාන කීපයක 114 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් කළ නමුත් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නැති බවය.