සමන් මල්ලවආරච්චි
ත්‍රීකුණාමලය විල්ගම් විහාරය ප්‍රදේශයේ මහා මාර්ගය හරහා ගමන් කළ අලියෙකුගේ ගැටුණු යතුරුපැදියක ගමන් ගත් යුවලක් එම අනතුරෙන් ඇදවැටුණු අලියාට යටවී බරපතල තුවාල ලබා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (21) හවස 5.30ට පමණ සිදු වී ඇති මේ අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඇත.
ත්‍රී කුණාමලයේම පදිංචි පෙම් යුවලක් වූ මුස්ලිම් තරුණියක් හා ද්‍රවිඩ තරුණයෙක් මේ අනතුරට ලක් වී සිටියේය.
අනතුරට ලක්වී මේ යුවල මත ඇද වැටුණු අලියා අනතුරුව නැගිට කැලෑවට දිවගොස් තිබේ.