හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් පහළොස් වැනිදා පොළොන්නරුවේදී පැවැත් වූ උත්සවය සාහසික දේශපාලනය විසින් නවතා දැමූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
2019 වර්ෂය සඳහා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ දරුවන්ට උපකාර කිරීම සඳහා මෙම උත්සවය හිටපු ජනාධිපතිවරයා විසින් සංවිධානය කළ බවත් එලෙස දරුවන්ට සහන ලබාදීම සාහසික දේශපාලනයට දරාගත නොහැකි වීම නිසා එය කඩාකප්පල් කළ බවත් හෙතෙම කීය.