ඉදිරි මහ මැතිවරණය සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් සෑම දිස්ත්රික්කයකටම ‘බූරුවන් සහ අශ්වයන්’ යන දෙපාර්ශ්වයම ඉදිරිපත් කර ඇති බව එම පක්ෂයේ බන්දුල දිස්ත්රික් අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ජනතාව අශ්වයන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට දැනගත යුතු බවයි.
මනාප එකක් පමණක් සලකුණු කරන්නැයි කියන අපේක්ෂකයන්ට ඡන්දය හෝ නොදෙන ලෙස ඇය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙලට සහාය දෙන අය පාර්ලිමේන්තුවට යවන ලෙසත් ශ්රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලය ලබාදෙන ලෙසත් ඇය ජන හමුවක් අමතමින් ඉල්ලා සිටියාය.