සියලු උත්සව, ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යවශ්‍ය නොවන සියලුම රැස්වීම් රටේ සියලුම ප්‍රදේශවල තහනම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනය කරයි.
දැනට රටේ උද්ගත වී ඇති තත්වය සමාලෝචනය කර මේ තීන්දුව ගත් බවත්, ඊට මහජන සහයෝගය අපේක්ෂා කරන බවත් සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.