රජයට රුපිලය් අසූ තුන් කොටි තිස් ලක්ෂයක් පාඩු කළ බවට චෝදනා එල්ල වූ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්රධාන විධායක නිලධාරීව සිටි සජින් වාස් ගුණවර්ධනට ගොනු කර තිබූ සියලු චෝදනා ඉල්ලා අස් කරගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ ( 15) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ දී දැනුම් දී ඇත.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල හමුවේ මෝසමක් මගින් මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන අධිකරණයට දැනුම් දී තිබුනේ මෙම නඩුව ගොනු කරන අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා විසින්ම ස්වකීය අත්සන් යොදා තිබුණේ නැති බවය.
එම තාක්ෂණික දෝෂය හේතුවෙන් සියලුම චෝදනා ඉල්ලා අස්කර ගන්නා බව සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය කීවාය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් පසු සැකකර සජින් වාස් ගුණවර්ධන සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කළේය.