දිනසේන රතුගමගේ –
මුහුදු කොල්ලකරුවන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව දැනට මියන්මාරයේ රඳවා සිටින නාවිකයින් පිරිස බේරා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලි ආරම්භ කිරීමට ජනාධිපතිවරයාව දැනුම්වත් කර ඇතැයි ධීවර ආමාත්‍ය ඩග්ලස් දේවානන්ද පැවසීය.
ඔහු ඒ බව ප්‍රකාශ එම නාවිකයන් බේරා දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් අමාත්‍යංශයට පැමිණ ඉල්ලීමක් කළ අවස්ථාවේදීය. ශ්‍රී ලාංකික ධීවරයින් හා නාවිකයින් නොවැළැක්විය හැකි හේතූන් මත විදේශ රටවල අත් අඩංගුවට පත් වූ විට ඔවුන්ව නිදහස් කර ගැනීම සදහා රජය අවශ්‍ය පියවර නොපමාව ගන්නා බව ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ධීවර කර්මාන්තයේ නියැලී සිටින පිරිසද හිතා මතාම නොව ධීවර යාත්‍රා ක්‍රියා විරහිත වීම කොල්ලකරුවන්ට හසුවීම යන කාරණා වලදී කිසියම් රටක අත් අඩංගුවට පත් වුවහොත් ඔවුන්ව නිදහස් කර ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව පැවසීය.